FAST NEWS

24×7 Around the Globe

විදේශ සංචිතය ප්‍රකෘතිමත් මට්ටමකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ විදේශ සංචිතය පසුගිය ජුනි මාසයේ ප්‍රකෘතිමත් වී ඇති බව මහබැංකුව නිවේදනය කරයි.  

මැයි මාසයේ ඩොලර් බිලියන 6.49 ක් ලෙස පැවති විදේශ සංචිතය ජුනි මාසයේදී ඩොලර් බිලියන 6.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද එම නිවේදනයේ සඳහන්.

ආනයන මෙන්ම විදේශයන් හි ආයෝජන සඳහා සීමාවන් පැනවීමෙන් පසුගිය මාස 03 තුළ මෙරට විදේශ මුදල් තුළු – ගලනය ඉහළ ගිය අතර, එය විනිමය ස්ථාවර කිරීමට හේතු වී ඇති බව මහබැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කළේය.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් තවදුරටත් දක්නට ලැබෙන අතර, ඩොලරයක විකුණුම් මිල ඊයේ (09) සටහන් වූයේ රුපියල් 188.08ක් ලෙසයි.