FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | බ්‍රසීලය) – බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. 

බ්‍රසීල ජනාධිපතිවරයා උණ රෝගයෙන් පෙළුණද ඔහු යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යැයි ද එරට මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රසීල ජනාධිපතිවරයා නව කොරෝනා වයිරසයේ බරපතළකම ගණනකට නොගත් ලෝක නායකයකු ලෙස සැලකෙන අතර තමන්ට ඇත්තේ සාමාන්‍ය උණක් පමණක් යැයි ද පැවැසීය.

රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බ්‍රසීල ජනාධිපතිවරයා කොවිඩ් -19 පරීක්ෂණයකට භාජනය කර ඇත.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව ඔහුට කොරෝනා වෛරසය ඇති බවට තහවුරු විය.

ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වෛරස් ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.