FAST NEWS

24×7 Around the Globe

කුසල් මෙන්ඩිස්ට ඇප [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

————————————————————————–

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇත.   

ඊයේ (05) අලුයම 5 ට පමණ පැරණි ගාලු පාරේ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකට අදාළව කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම අනතුරින් පාපැදියකින් ගමන් කරමින් සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ඊයේ පස්වරුවේ පානදුර මූලික රෝහලේදී සිදුකෙරිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩක අවිෂ්ක ප්‍රනාන්දුද මෙම අනතුර සිදුවන අවස්ථාවේ කුසල් මෙන්ඩිස් සමග එම රථයේ ගමන් කර ඇත.

පානදුර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.