FAST NEWS

24×7 Around the Globe

උතුරු මියන්මාරයේ පතලක නාය යෑමකින් පුද්ගලයන් 50 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින් කම්කරුවන් 50 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.   

දැනට සිදුකර ගෙන යන මෙහෙයුම් වලදී සේවකයින් 50 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බව එරට ගිනි සේවා දෙපාර්තමේන්තුව සහ තොරතුරු අමාත්‍යාංශය පවසයි.

උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ පිහිටි ජේඩ් පතලේ සේවය කරමින් සිටියදී එක්වරම සිදුවූ නාය යාමක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර , පතල තුළ සිරවී සිටින තවත් පුද්ගලයින් 200 දෙනෙකු මුදා ගැනීමට මෙහෙයුම් දියත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.