(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ඡන්දය භාවිත කිරීමට පැමිණෙන ඡන්දදායකයින් සංඛ්‍යාව අඩු කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ අරමුණ බව කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඊට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ යුරෝපා රටවලින් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
යුරෝපීය තානාපති කාර්යාලවලින් ලබාදෙන උපදෙස් අනුව මැතිවරණ කාර්යාලවල මැතිවරණ අපේක්ෂකයන්ගේ පින්තූර සහ මනාප අංකය ප්‍රදර්ශනය තහනම් කිරීම, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කණ්ඩායම විසින් සිදුකරමින් සිටින බවත්, ඒ මඟින් ඉදිරියේදී මැතිවරණය සඳහා ජනතාවගේ පවතින උණුසුම නැතිකොට ඡන්දය ලබාදීමේ ප්‍රතිශතය අඩු කිරීම අරමුණ බවත් ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරියේදී පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව යටතේ කොමිෂන් සභා අහෝසි කර ජනාධිපතිවරයාට සියලුම බලතල ලබාදෙමින් රටට හිතකර නව ව්‍යවස්ථාවක් සකස් කරන බවත් විමල් වීරවංශ මහතා පැවැසීය.









