FAST NEWS

24×7 Around the Globe

සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය වෙත පැමිණ තිබේ.  

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කි්‍රකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක උපුල් තරංග , එවක තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා සහ චෝදනාව එල්ල කල හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ වනවිට විශේෂ විමර්ශණ ඒකකය හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.