FAST NEWS

24×7 Around the Globe

ලොව විශාලතම මත්ද්‍රව්‍ය තොගය වටලයි

(ෆාස්ට් නිව්ස් | ඉතාලිය) – ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ සිදු කර තිබේ.

ඒ ඉතාලියෙනි.

මෙහිදී මෙටි‍්‍රක් ටොන් 14 ක මත්පෙති සොයා ගැනුණි.

එරට පොලිසිය විසින් සලේනෝ වරායේ කන්ටේනර් තුනක අසුරා තිබියදී මේවා සොයා ගැනුණි.

කාඩ් බෝඩ්වලින් සකසන ලද සිලින්ඩරාකාර බහලුම් තුළ මත්පෙති මිලියන 84 ක් අසුරා තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්තයන් විසින් මේවා ඉතාලියට එවා ඇති බවට එරට පොලීසිය සැක කරන අතර, එහි වටිනාකම ඩොලර් බිලියන 1.2 කි.