FAST NEWS

24×7 Around the Globe

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – අඹේවෙල සහ පට්ටිපොළ අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.   

මේ වනවිට පීලිගත කිරීම් කටයුතු ආරම්භ කර ඇත.