FAST NEWS

24×7 Around the Globe

‘ද නිව්ස් පේපර්’ නරඹන්න ජනපති හා අගමැති එක්වෙයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (28) පස්වරුවේ ප්‍රදර්ශනය ඇරඹූ “ද නිව්ස් පේපර්” චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ. 

ඒ , කොළඹ One Galleface – PVR සිනමාශාලාවේදීයි.

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්”චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරිගෙනි.

ලබන ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර එදින පෙරවරු 10.30 ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇත.

තවද කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීමේ අවස්ථාව ද හිමිකරදී ඇත.

Image may contain: 5 people, people standing

Image may contain: 3 people, people sitting and indoor

Image may contain: 4 people, people sitting and indoor

Image may contain: 1 person, standing and indoor