FAST NEWS

24×7 Around the Globe

බි‍්‍රතාන්‍ය සංචාරකයින්ට නිරෝධායනය අනිවාර්ය කිරීමට අයර්ලන්තය තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සංචාරකයින් දින 14 ක අනිවාර්ය නිරෝධායන වැඩපිළිවෙලකට යොමු කිරීමට අයර්ලන්තය තීරණය කර ඇත.  

එරට තවදුරටත් කොරෝනා ව්‍යප්තිය ඉහළ යාම ඊට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එහෙත් තවත් රටවල් කිහිපයක සංචාරයකියින් සඳහා නිරෝධායන සීමා ළිහිල් කරන බව අයර්ලන්ත රජය සඳහන් කරයි.

චීනයේ දෙවන කොරෝනා රැල්ලේ වැඩිම අවදානමක් ඇති බීජිං අගනුවර ඊයේ (27) පස්වරුව වනවිට PCR සාම්පල මිලියන 8.29 කගෙන් ලබාගෙන ඇති අතර, ඉන් මිලියන 7.69 කගේ පරීක්ෂාවන් සිදුකර අවසන් බව බීජිං නාගරික කමිටුව ප්‍රකාශ කර ඇත.

මේ අතර කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ගුවන් ගමන් අඩාලවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ රැකියා 12,000ක් කප්පාදු කිරීමට යෝජනා කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ගුවන් නියමුවන් 350 දෙනෙකු රැකියාවෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.