FAST NEWS

24×7 Around the Globe

අකුණු සැර වැදීමෙන් එක් දිනකදී 100 කට අධික පිරිසක් මිය යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල එක් දිනක් තුළදී අකුණුසැර වැදීමෙන් සාමාන්‍ය වැසියන් 107 දෙනෙක් මියගොස් තිබේ.

තම ප්‍රාන්තය තුළ මියගොස් ඇති අයගේ සෑම පවුලකට ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් බෙදාදීමට ප්‍රාන්ත රජය තීරණය කළ බව බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් පැවසුවේය.