FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයේ සමස්ත වියදම කෝටි 1000 ක් – දෑත් සනීපාරක්ෂක දියර වියදම පමණක් කෝටි 100 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණයේ සමස්ත වියදම රුපියල් කෝටි 1000 කට අඩුවෙන් තබා ගැනීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

ඇතැම්විට දෑත් සනීපාරක්ෂක දියර වෙනුවෙන් රුපියල් කෝටි 100 ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.

ඡන්ද සහ මනාප ගණන් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ඔහු ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අංශ උපදෙස් මත එක් කාමරය ඡන්ද ගණන් කළ හැක්කේ නිලධාරීන් 10 දෙනෙකුට පමණක් බවත් ඒ සඳහා විශාල කාමර භාවිතා කිරීමට සිදුවන බවත්ය.

තවද උතුරේ සහ පුත්තලම දුපත් වල ප්‍රවාහන කටයුතු සඳහා ආරක්ෂක අංශවල දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අදහස් ප්‍රකාශ කර සිටියේය.