FAST NEWS

24×7 Around the Globe

බැංකු පොළී අනුපාත වෙනස් නොවන ලකුණු

බැංකු පොළී අනුපාත තීරණය කිරීම කෙරෙහි බලපාන සිය ප්‍රතිපත්ති පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ වාණිජ බැංකු, මහ බැංකුව සමග කරන ගනුදෙනුවලදී බලපාන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 6% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 7 .5% ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යන බව ය.

මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රතිපත්ති පොළී අනුපාත පහත හෙළීමත් සමග බලාපොරොත්තු වූ ලෙසට වෙළෙඳපොළ පොළී අනුපාත පහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙනු ලබ යි.

බැංකු පොළී අනුපාත පහළ යාමත් සමග පෞද්ගලික අංශය මගින් බැංකු ණය ඉල්ලුම් කිරීම ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව, මේ වසරේ මුල් කාර්තුව තුළ වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය බිලියන 86 කට අධික බව මහ බැංකුව පැවසුවේ ය.