FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ටත් කොරෝනා භියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියට එක්වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් තවත් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනේ.

විදෙස් වාර්තා පැවසුවේ කොවිඩ් අවදානමද නොතකමින් ඇමෙරිකාවේ ඔක්ලහෝමා හි ටුල්සා නගරයේ මෙම රැළිය පැවැත් වුණු බවයි.

රැළියෙන් අනතුරුව සිදුකෙරුණු කොවිඩ් පරික්ෂාවේදී මෙම කාර්ය මණ්ඩල සාමාජිකන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණි.

මෙම රැළියට සහභාගී වූ බොහෝ දෙනා මුඛ ආවරණ නොපැළැඳ, සමාජ දුරස්තභාවය නොතකමින් කටයුතු කළ බවද වාර්තා වේ.