FAST NEWS

24×7 Around the Globe

ප්‍රභූ පුතාගේ බැංකු ගිණුම ගැන තොරතුරු දීම ප්‍රතික්ෂේප කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවක මෙරට ඉහළ පෙළේ ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකුගේ නමින් ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 637 ක ගිණුමක් අත්හිටුවීමට අදාළව ශ්‍රී ලංකාවේ නීතිඥයෙක් කළ ඉල්ලීම එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවේ නඩු විභාගයක් නොපවතින නිසාත්, එම නඩුව ඒකපාර්ශ්වීයව විභාග කිරීම සුදුසු නැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ නීතිඥයන් කර තිබෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

එසේම අදාළ ප්‍රභූ පුත්‍රයාට එරටේ ගිණුමක් තිබෙනවාද, නැද්ද යන්න පිළිබඳව හෝ ඔවුන් තොරතුරු ඉදිරිපත් කර නැති බවද වාර්තා වේ.