FAST NEWS

24×7 Around the Globe

බීජිං නුවර යළිත් කොරෝනා භීතියක්

(ෆාස්ට් නිව්ස් | චීනය ) – චීනයේ බීජිං ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බීජිංහි නාගරික සෞඛ්‍ය අධිකාරිය අද නිවේදනය කළේ රෝගීන් වාර්තා නොවී දින 22 කට පසු යළිත් මෙලෙස රෝගීන් වාර්තා වී ඇති බවයි.

බීජිංහි  මිලියන 20 කට අධික ජනගහනයක් සිටින අතර පසුගිය ජුනි 11 වන දින මෙහි නවතම රැල්ලේ පළමු සිද්ධිය වාර්තා විය.

නැවත නැඟිටීම බීජිනයේ නිරිත දෙසින් පිහිටි තොග ආහාර මධ්‍යස්ථානයකට සම්බන්ධ කර ඇත.

මේ වන විට නගරයේ පුද්ගලයින් 236 දෙනෙකු ආසාදනය වී ඇත.