FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළ ලැයිස්තුගත රීති සංශෝධනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොල ලැයිස්තුගත සමාගම්වලට වාර්ෂික වාර්තා මුද්‍රිත ස්වරූපයෙන් හැර වෙනත් ආකාරවලින් නිකුත් කිරීමට පහසුකම් සැලසීම සඳහා ලැයිස්තුගත රීති සංශෝධනය කර තිබේ.

සියලු ගිණුම් හිමියන් විසින් ඒ අනුව ලබන සැප්තැම්බර් 10 වනදාට පෙර මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි කොටස් තැරැව්කාර සමාගම් වෙත විද්‍යුත් ලිපිනය, ජංගම දුරකථන අංකය සහ බැංකු ගිණුම් විස්තර, ඇතුළත් විද්‍යුත් සේවා අයදුම්පත්‍රයක් තැරැව්කාර සමාගම හරහා ඉදිරිපත් කළ යුතුයි.

එය කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.