(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ ලෝකය තවමත් භයානක තත්වයක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
කොරෝනා වෛරසය තවමත් කලාප කිහිපයක වේගයෙන් පැතිර යන බව සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ඇඩනම් පවසයි.
එය බරපතල තර්ජනයක් බවයි ඔහු සඳහන් කරයි.
එසේම දිර්ඝ කාලයක් නිරෝධායන සීමාවලට කොටු වී සීටීම හේතුවෙන් ජනතාව දුශ්කරතාවට පත්ව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.
මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 8,750,000 දහස ඉක්මවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.









