FAST NEWS

24×7 Around the Globe

චීන අත්අඩංගුවේ පසුවූ ඉන්දීය සෙබලුන් 10 දෙනෙකු මුදා හැරේ

(ෆාස්ට් නිව්ස් | චීනය) – චීන අත්අඩංගුවේ පසුවූ ලුතිතන් කර්නල්වරයෙකු සහ මේජර්වරුන් තිදෙනෙකු ඇතුළු ඉන්දීය සෙබලුන් 10 දෙනෙකු මුදා හැර තිබේ.  

දෙපාර්ශවය අතර පසුගියදා හිමාලය ආසන්නයේ හටගත් ගැටුම්වලදී මෙම පිරිස චීන අත්අඩංගුවට පත්ව තිබුණි.

පසුගිය සඳුදා ඇති වූ මෙම ගැටුමේදී ඉන්දීය හමුදා සෙබලුන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන්දියාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික උණුසුම ඉහළ නැංවිය.

මෙම දේශසීමා ගැටුමේදී තම පාර්ශවයට හානි සිදුවූයේ ද යන්න පිළිබදව චීනය සඳහනක් කර නොමැත.

කෙසේ නමුත් ඉන්දියාව ප්‍රකාශ කළේ චීන සෙබලුන් 45 දෙනෙකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇති බවයි.

ඉන්දීය සෙබලුන් 76 දෙනෙකු ද ගැටුමේදී තුවාල ලැබූ අතර , ඔවුන් ප්‍රදේශයේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.