FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ පිළිගැනෙන පක්ෂ ගණන කථානායක හෙළි කරයි.

අටවන පාර්ලිමේන්තුවේ දේශපාලන පක්‍ෂ ලෙෂ පිලිගැනෙන්නේ මෙතෙක් පිලිගත් දේශපාලන පක්‍ෂ හය පමණක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

කථානායකවරයා පෙන්වා දෙන්නේ දේශපාලන පක්‍ෂ 17ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කලද ඉන් මැතිවරණයකට ඉදිරිපත්ව පාර්ලිමෙන්තුවට පැමිණ ඇත්තේ දේශපාලන පක්ෂ හයක් පමණක් බවයි.

සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂවලට පාර්ලිමෙන්තුවේ අවස්ථාව ලබා දීම ගැන පක්ෂ හයේ නායකයන් එකග නොවූ බවත් කථානායකවරයා කියා සිටී.