FAST NEWS

24×7 Around the Globe

ප්ලේබෝයි සඟරාවෙන් නිරුවත ඉවතට.හැඟීම් දනවන ඒවා එයි.

නව සැකැස්මකට අනුව නිර්මාණය වීමට නියමිත ප්ලේබෝයි සඟරාවෙන් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි කර්තෘවරයා සහ නිර්මාතෘවරයා වන හියූ හෙෆ්නර්ගේ සහභාගීත්වයෙන් පසුගිය මාසයේ පැවැත්වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එහි හිමිකරුවන් පවසා ඇත්තේ අනතර්ජාලය විසින් නිරුවත යල්පැනගිය දෙයක් බවට පත් කර ඇති නිසා වැඩිහිටියන්ට පමණක් වෙන්වූ සඟරා වලට ඇති වාණිජමය වටිනාකම අඩු වී ඇති බවයි.

ඔවුන් පවසන අන්දමට 1970 දශකයේ පිටපත් මිලියන 5.6ක් වූ ප්ලේබෝයි සඟරාවේ විකිණීම මේ වනවිට පිටපත් 800,000 තෙක් අඩු වී ඇත.

නිරුවත් ඡායාරූප වෙනුවට හැඟීම් දනවන සුළු ඇඳුම් වලින් සැරසී සිටින කාන්තාවන්ගේ ඡායාරූප එයට එක් වනු ඇති බව වාර්තා වේ.