‘රාවය’ කර්තෘ නීතිඥ ඩබ්ලිව්. ජනරංජන මහතා අද (13) උදැසන අලුත්කඩේ උසාවිය වෙත යමින් සිටියදී, වැරදි මන්තිරුවක පැමිණි නාවික හමුදාවේ බසයක් ඔහුගේ වාහනයට අලභාහානි කරමින් පලාගොස් ඇත.
කොළඹ පාමංකඩ ප්‍රදේශයේ පොලිස් මුරපොළක් අසලදී මෙම අනතුර සිදුව ඇති අතර මේ අනතුර සිදුකර ඇත්තේ නාවික හමුදාවට අයත් අංක 7995 දරණ බස්රථයේ රියදුරු විසිනි.
ජනරංජන මහතා මේ සම්බන්ධයෙන් පොලිස් මුරපලේ නිලධාරීන් වෙත දැනුම්දෙද්දී නාවික බසය පලාගොස් ඇත.
මෙම සිද්ධියෙන් ‘රාවය’ කතුවරයාගේ වාහනයට අලාභහානි සිදුව ඇති අතර, ජනරංජන මහතාට අනතුරක් සිදුව නොමැත.









