FAST NEWS

24×7 Around the Globe

දින ගණනකට පසු නවසීලන්තයේ නැවතත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්තයෙන් දින 24 කට පසු කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවී තිබේ.

එකම පවුලක කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස වෛරසය ආසාධිතයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කර පැමිණි අය බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

පසුගිය සතියේදී නවසීලන්තය කොවිඩ් -19 වෛරසයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව එරට තුළ පණවා තිබූ සියලුම නිරෝධායන නීති පවා ඉවත් කලද ඉතාම සීමිත කාණ්ඩ කිහිපයකට හැර වෙනත් කිසිවෙකුට තවමත් නවසීලන්තයට ඇතුලුවීමට මේ දක්වා අවසර හිමි නොවේ.

නවසීලන්තයෙන් මේ වනවිට කොරෝනා ආසාධිතයන් 1506 දෙනෙකුද මරණ 22 ක් ද සටහන් වේ.