FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවට බෙහෙත් ගෙන රෝහල් බිල දැක රුධිර පීඩනය වැඩි වෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) –   නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් වී ප්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයෙකුට මෙරට මුදලින් රුපියල් 20කෝටි 91ලක්‍ෂ 3,646ක රෝහල් බිලක් ගෙවීමට සිදුව තිබේ.

මේ පුවතක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

මයිකල් ෆ්ලොර් නම් වූ 70 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කරනු ලැබුවේ පසුගිය මාර්තු 04 වෙනිදාය.

වෛරසයෙන් දැඩි ලෙස ආසාධ්‍ය වූ ඔහු එක් අවස්ථාවක මරණයට පවා පත්වනු ඇති බවට වෛද්‍යවරුන් පවා පවසා තිබුණි.

නමුත් ආසාධ්‍ය තත්ත්වය පහව ගොස් මයිකල් රෝහලේ දින 62 ප්‍රතිකාර ලබා ගෙන රෝහලෙන් පිටව යාමට සුදානම් වුයේ මැයි මස 05 වෙනිදාය.

ඔහු රෝහලෙන් නික්ම යාමට සුදානම් වූ අවස්ථාවේදී රෝහලේ ගිණුම් අංශය විසින් පිටු 181 කින් සමන්විත රෝහල් බිලක් ඔහුට ලබාදී තිබේ.

එහි සටහන්ව තිබුණේ ඇමෙරිකානු ඩොලර් 1,122,501.04 ලෙසයි.

නමුත් එරට තත්ත්වය වෙනස් නිසා ඔහු වාසනාවන්ත වී තිබේ.

ඒ ඔහුගේ රක්ෂණ වාරිකයෙන් සහ රජය විසින් ලබා දෙන වැඩිහිටි වෛද්‍ය රක්ෂණයෙන් එම මුදල පියවීම හේතුවෙනි.