FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොරෝනා අවසන් වන තුරු බෝරා නායකයා ඇතුළු 45 දෙනෙක් ශ්‍රී ලංකාවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ වන විට ඉන්දියාවේ කොරෝනා වසංගතය පැතිර යන බැවින් එම තත්ත්වය සමනය වනතුරු මෙරට රැඳී සිටීමට බෝරා නායකයා ඇතුළු 45 දෙනෙකුට අවසර ලබා දී තිබේ.

‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ අධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතලිස් පස්දෙනෙක් මෙරට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට මෙලෙස ශ්‍රී ලංකාවේ අනුමැතිය හිමිව ඇත.

එම පිරිස විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන්වා බණ්ඩාරවෙල ප්‍රදේශයේ නවාතැන් ලබාදීමට සුදානම් කර ඇති බවයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ කියා සිටියේ සඳහන් කළේ රජය එවැනි අවසරයක් ලබාදී ඇති බවයි.

ඔහු  පැවසුවේ “බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා සහ අනුගාමිකයන් හතළිස්පහක දෙනෙක් ලංකාවට එන්න අවසර ඉල්ලා තිබෙනවා. ඒ නායකයන්ට සලකන්නේ රටක නායකයෙක් විදිහට. බණ්ඩාරවෙල නිවාඩු නිකේතනය තියෙනවා ඔවුන්ගේ. එතනට එන්න අවසර ඉල්ලා තිබෙනවා. ඒකට අවසර ලබා දී තිබෙනවා අපි”.යනුවෙනි.

නමුත් එම පිරිසට පැමිණීමට මෙතෙක් දින නියමවී නොමැති අතර ඔවුන් මෙරටට තුළ රැඳී සිටින කාලය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද වාර්තාවේ.