FAST NEWS

24×7 Around the Globe

මරා දැමු බිරිදගේ හිස අතින් අරන් පාර දිගේ ඇවිද යයි.(වීඩියෝ)

සිය බිරිඳගේ ලේ වැකි හිස රැගෙන මහ මග ඇවිද යමින් සිටි ඉන්දියානු ජාතික පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.මහාරාෂ්ට‍‍්‍ර ප‍‍්‍රාන්තයේ පූනේ නගරයේ මුරකරුවකු ලෙස වසර 20ක් පමණ සේවය කළ රාමචන්ද්‍ර ෂෙයු චවාන් නම් 53 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

45 හැවිරිදි බිරිඳවූ සෝනාබායි රාමචන්ද්‍ර චවාන් තමාගේ දියණියගේ සැමියා සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට රාමචන්ද්‍ර දිගින් දිගටම සැක කර ඇති අතර මේ පිළිබඳව ඔහු බිරිඳ සමග දිගින් දිගටම ගැටුම් ඇති කරගත් බව අසල්වැසියන් පවසා ඇත.

සිකුරාදා උදෑසන සිදුවූ අඬ දබරයකින් අනතුරුව සිය ලේලිය හා මුණුපුරන් දෙදෙනා කාමරයකට දමා අගුළු ලා ඇති රාමචන්ද්‍ර චවාන් පොරවකින් සෝනාබායිගේ ගෙල සිඳ ඇතැයි පැවසේ

එක් අතකින් සිය බිරිඳගේ ලේ වැකි හිසත් අනෙක් අතින් ඝාතනය සඳහා යොදාගත් පොරවත් අතින් ගෙන මහමග ඇවිද යනු දුටු පූනේ වැසියෙක් මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලකින් පසු රාමචන්ද්‍ර චවාන් අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුගෙන් ප‍‍්‍රශ්න කිරීම සිදුවන බව පූනේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්‍ෂඛ එම්. චෞහාන් පවසා ඇත්තේ සැකකරු කිසිදු ආකාරයක මානසික ව්‍යාධියකින් පෙළෙන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මනුෂ්‍ය ඝාතන චෝදනාවක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.