FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයෙන් නිදහස් වූ තවත් දිවයිනක්

(ෆාස්ට් නිව්ස් | ෆීජි) – පැසිෆික් සාගරයේ පිහිටි ෆීජි දිවයින කොරෝනා වෛරසයෙන් නිදහස් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ඒ, එරට අවසන් කොරෝනා ආසාදිතයා ද පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුවයි.

ෆීජි දිවයිනේ පළමු ආසාදිතයා මාර්තු මාසය මැදභාගයේ වාර්තා වූ අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව ඉහළ ගියේ 18 දක්වා පමණයි.

එමෙන්ම, එරටින් එකදු කොරෝනා මරණයක් හෝ වාර්තා නොවීම විශේෂත්වයක්.