ඉහළ අහසේ ගමන්ගත් අබිරහස් යානයක් දුටු බව ප්රදේශවාසීන් පවසනවා. ඒ පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය පුදබිම ආශ්රිත ප්රදේශයේදීයි.
එම යානය ඡායාරූප ගතකරන්නට මෙන්ම වීඩියෝ ගත කරන්නටද හැකි වී තිබෙන බවත් සඳහන්.
ඉකුත් 27 වැනි දිනට යෙදී තිබූ පසළොස්වක පෝය දිනයේදී මෙම අත්භූත අබිරහස් යානාව බවට පැවසෙන වස්තුව දැක තිබෙනවා. එදින රාත්රි 9 ත් 10 ත් තර කාලයේදී මෙම යානාව ඉහළ අහසේදී දර්ශනය වී ඇති බවත් සඳහන්.
එම අවස්ථාවේදී තරුවක් මෙන් සෙමින් පාවෙමින් තිබූ මෙම වස්තුව ටික වේලාවකින් නිල්, කොළ, රතු සහ තැඹිලි පැහැති වර්ණවලින් එළි විහිදුවා තිබෙනවා.
දිඹුලාගල සිට බටහිර අහස දෙසට මේ යානය පාත්වෙමින් තිබූ බවත් එය එක්වරක ආලෝකය නිවී ගොස් යළිත් ආලෝකය විහිදුවමින් ගමන් කළ බවත් පැවසෙනවා.










