තමන්ට හෝ තම සහෝදරයෙකුට අයත් කිසිදු විදේශ ගිණුමක් නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
ඔහු මේ බව බීබීසී සංදේශයට කියා සිටියේ හිටපු ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකුට අයිති විදේශීය බැංකු ගිණුමක් අත්හිටුවීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට යන බවට පළ වී තිබූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.
‘මගේවත් මගේ සහෝදරයන්ගේවත් මගේ දෙමාපියන්ගේවත් කිසිම ගිණුමක් පිටරට නැහැ. අපිට තියෙන වත්කම් මැතිවරණ කොමසාරිස්වරයාටත් පාර්ලිමේන්තුවටත් හෙළි කරලා තියෙන්නේ. මේක ද්වේශ සහගත ලෙස අපිට මඩ ගහන්න කරන දෙයක්.’ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.
නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ප්‍රභූවරයෙකුගේ පුතෙකුට හිමි බැංකු ගිණුමක ඩොලර් බිලියනයකට අධික මුදලක් තිබෙන බවට ඩුබායි බැංකුවක ඉහල නිලධාරීන් මේ වන විට සනාථ කර ඇති බවයි.
‘ඒ වගේම මේ ප්‍රභූවරයාගේ තවත් පුතෙකුත් ක්‍රීඩා කරලා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ රටටම යාමට අවසර ඉල්ලා තිබුණා අපේ ජනාධිපති තුමාගෙන්. ඒ අවසරය ලබා දුන්නා ප්‍රභූවරයාම කතා කලාම. ඒ අනුව ගිහිල්ලා ඒ ගිණුම් තවත් රටකට මාරු කළැයි කියන කතාව තමයි තිබුණේ.’ ඇමතිවරයා බීබීසී සංදේශයට පවසා ඇත.
විදේශ රටවල බැංකු ගිණුම් ඇති බව පවසමින් තම පවුලට අපහාස කිරීම සඳහා සාවද්‍ය ප්‍රචාර ගෙන යන බවත් එවැන්නක් තිබේ නම් ඒ බව ඔප්පු කරන ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අභියෝග කරයි.
‘මැතිවරණ කාලේ අපිට රත්තරන් අශ්වයෝ හිටියා, හෙලිකොප්ටර් තිබුණා, ලම්බෝගිනි වාහන තිබ්බා. ඒවා එකක් වත් ඔප්පු කර ගන්න බැරි උනා. රටේ අපරාධ රැල්ලක් යනවා. කාන්තාවන්, පොඩි ළමයි ඝාතනය වෙනවා. මේවා වසන් කර ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි රාජපක්ෂලා හොරු කියා කියා අපේ පස්සෙන් යන එක.’ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා පැවසීය.
රජයට එල්ල කරන මෙම චෝදනාව රාජිත සේනාරත්න ඇමතිවරයා හමුවේ තැබූ විට ඔහු අභියෝග කර සිටියේ ඒ පිළිබඳව පරීක්ෂණ කරන ඇමරිකානු ආයතනයේ වාර්තා අනුව නීතිමය පියවර ගන්නා විට හැකි නම් ඒවා අසත්‍ය බවට ඔප්පු කර පෙන්න වන ලෙසයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.