FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයන් දිනෙන් දින ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – නවවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (28) හයදහස ඉක්මවා ගියේය.  

ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.

ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා පිට වී ගිය සංඛ්‍යාව 67,692 කි. කොරෝනා වෛරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 86,110කි.

කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.