FAST NEWS

24×7 Around the Globe

ෂෙන් වොන් සිය රුචියට අනුව ශ්‍රී ලංකා පිළ නම් කරයි – අර්ජුන මැතිව්ස් නොමැති හේතුවත් කියයි.

තමන් ක්‍රීඩා කළ වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් තමන් කැමති ම කණ්ඩායම, ඔස්ට්‍රේලියානු හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන් නම් කර තිබේ.

එම කණ්ඩායම මෙසේ ය.

මාවන් අතපත්තු
සනත් ජයසූරිය
අසංක ගුරුසිංහ
කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා)
අරවින්ද ද සිල්වා
මහේල ජයවර්ධන (නායක)
තිලකරත්න ඩිල්ෂාන්
චමින්ද වාස්
ලසිත් මාලිංග
මුත්තයියා මුරලිදරන්
නුවන් සොයිසා

මෙම කණ්ඩායමට හිටපු නායක අර්ජුණ රණතුංග ඇතුළත් නොකිරීම විශේෂත්වයක් වන අතර ෂේන් වෝන් ඒ පිළිබඳව හේතු දැක්වීමක් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ, අර්ජුණ රණතුංග විශිෂ්ට ක්‍රීඩකයෙකු වුව ද පිතිකරුවෙකු ලෙස සාර්ථක නොවූ බව ය.

ඊට අමතරව, ඇන්ජලෝ මැතිව්ස් සමග ක්‍රීඩා කර නොතිබීම නිසා ඔහු ඊට ඇතුළත් නොකළ බව ද ෂේන් වෝන් සඳහන් කර තිබේ.