FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් චීනයත් ඉක්මවා යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව වෛරසයේ උපත සිදුවූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ.  

ඉන්දියාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 ,940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 ,941 කි.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන දැඩි අගුලු දැමීම් හමුවේ රෝගය බෝවන වේගය අඩුවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එසේම චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සමස්ථ ආසාදන වලින් තුනෙන් එකක් මහාරාෂ්ට්‍රයෙන් වන අතර මුම්බායි නගරයේ වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

තමිල්නාඩු, ගුජරාට සහ දිල්ලි නගර වලින්ද රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ.

මේවා රටේ වැදගත්ම ආර්ථික නගර වන නමුත් නැවත විවෘත කිරීම හේතුවෙන් ආසාදතයන් වැඩිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ඉන්දියාවේ අති විශාල ජනගහනයක් සිටියද කොරෝනා වෛරස් පරීක්ෂණ සිදුකරන්නේ අඩු ප්‍රමාණයක් බවයි.

රජය පරීක්ෂණ වේගවත් කළ ද ඉතාලිය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවලට වඩා ඉන්දියාව බොහෝ පසුපසින් සිටින බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙයි.