බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (8 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ තුන්දින පුහුණු තරගය දිනයකින් කල් දැමීමට තීරණය කර තිබේ. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තරගය කල්දැමීමට කණ්ඩායම් දෙකම එකග වූහ.
ඒ අනුව තුන්දින තරගය හෙට (සිකුරාදා) ආරම්භ වීමට නියමිතය.
මේ මස 1 වැනිදා දිවයිනට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සතියක පුහුණු කඳවුරක් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියද දිගින් දිගටම පැවැති වැසිසහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එය සාර්ථකව කරගත නොහැකි විය.
එවන් පුහුණු කඳවුරක් සංවිධානය කිරීමට ප්‍රධානතම හේතුවක් වූයේත් කොදෙව් පිලේ දැනට සිටින කී‍්‍රඩකයන් වැඩි දෙනෙකු මීට පෙර ශී‍්‍ර ලංකාවේ සංචාරය කර නොතිබීමත්, ඔවුන් ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වී නොතිබීමත්ය.
තුන්දින තරගය කල්දැමීමට පෙර කොදෙව් නායක ජේසන් හෝල්ඩර් කියා සිටියේ ටෙස්ට් තරගයට පොරතුව පැවැත්වෙන මෙම තුන්දින තරගය තම පිලට ඉතාමත් වැදගත් වන බවයි. කෙසේ වෙතත් තුන්දින තරගයේ ආරම්භය දිනයකින් කල් දැමීම නිසා ටෙස්ට් තරගයට පෙර විවේක ගැනීමට කොදෙව්වන්ට ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි.
ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම
ළහිරු තිරිමාන්න (නායක), උදාර ජයසුන්දර, කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, මිලින්ද සිරිවර්ධන, ඇන්ජලෝ ජයසිංහ, සචිත් පතිරණ, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, සුරාජ් රන්දිව්, ළහිරු මිලන්ත, ලසන්ද රුක්මාල්, කසුන් මධුසංක සහ සහන් නානායක්කාර






