FAST NEWS

24×7 Around the Globe

නිල නිවාස භාර නොදුන් යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යහපාලන රජයේ ඇමතිවරුන් 20 දෙනෙකු හා වෙනත් තනතුරු දැරූ දෙදෙනෙකු තවමත් නිල නිවාස භාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.   

හිටපු කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා තනතුරු දැරූ නිලධාරීන් දෙදෙනෙක් මේ අතර වේ.

කොළඹ බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොල පාර, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත , ලොරිස් නිවාස සංකීර්ණය හා විජේරාම මාවතේ මෙම නිවාස පිහිටා ති⁣බේ.

නිවාසවලින් ඉවත් වීමට මාස 3ක කාලයක් ලබාදුන් අතර එම කාලය මාර්තු මස 30 වැනිදායින් අවසන් වී තිබේ.

මෙම හිටපු ඇමතිවරුන්ට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.