FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | ඊශ්‍රායලය) – කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙළෙදාම් කටයුතු සඳහා පනවා තිබු සීමාවන් ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට ඉවත් කරන බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් එම කටයුතු සිදුකළ යුතු බවයි.

ඊශ්‍රායලය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 16,246 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 235ක් වෙයි.