(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා ව්‍යාප්ත වන බව අමෙරිකාවේ වසංගත විද්‍යාඥයන් පිරිසක් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
අද වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ ගණන 233,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 3.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 1,131,452ක්.
ඉතාලියෙන් ආසාදිතයින් 207,428ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 177,454ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 167,346ක්, ජර්මනියෙන් ආසාදිතයින් 164,077ක්, තුර්කියෙන් ආසාදිතයින් 122,392ක් සහ රුසියාවෙන් ආසාදිතයින් 114,431ක් ලෙස වාර්තා වේ.









