FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව තවත් සති දෙකකට වසා තැබෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – කොරෝනා වෛරසයේ පැතිරයාම හේතුවෙන් ඉන්දියාව තවත් සති දෙකක කාලයකට වසා දමන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.  

මීට පෙර ඉන්දියාව වසා දමා තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ලබන 4 වනදා වන අතර, වෛරසය පැතිරයාම හමුවේ එදින සිට තවත් සති දෙකක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය වී තිබේ.

ඒ අනුව මෙම මස 17 වනදා දක්වා තවදුරටත් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇත.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 35365ක් වාර්තාවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1152ක්.