(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(30) දිනයේ සිට ගම්පොල නගරයේ සියලූ කඩසාප්පු වසා දැමීමට තීරණය කර තිබේ.
මැයි මස 4 වැනි දින දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
නගර සීමාවේදී කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ.
ආසාදිතයා හමු වූ සිංහපිටිය කෙසෙල්වත්ත ප්‍රදේශය දැනටම හුදකලා කර ඇති අතර ඔහු ඇසුරු කළ තිස් පස් දෙනෙකු නිරෝධයට යොමුකර ඇත .
මේ අතර ඊයේ(29) පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයටද ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.ඇයගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් බව වාර්තා වේ.
අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.
සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.
නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.









