FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරියක් සියදිවි හානිකර ගනී

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් 19 ආසාදිතයින් සදහා ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරත වූ අමෙරිකාවේ නිව්යෝර්ක් හි වෛද්‍යවරියක් සියදිවි හානිකරගෙන තිබේ.

වෛද්‍යවරිය සිය නිවසේදී සියදිවි හානි කරගෙන ඇති අතර සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

49 හැවිරිදි ඇය දැඩි ආතතිය හේතුවෙන් සියදිවි නසා ගන්නට ඇති බවට සැක පල කෙරෙන නමුත් ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ වෛද්‍යවරියට කොරෝනා වෛරසය ආසාදනය වී සිට ඇති බවට සැකයක් මතුවන බවයි.

ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.