FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළදුණු නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 එක්සත් රාජධානිය තුළ ද සීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ එම වෛරසය ආසාදනය හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්විය.  

මෙලෙස මරණයට පත්වූවන් අතර එරට කැතී සහ එමා නම් නිවුන් සහෝදරියන් දෙදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මොවුන් දෙදෙනා හෙද සේවයේ නියුතුව සිටීම ස විශේෂත්වයකි.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මේ වන විට එරට හෙද කාර්ය මණ්ඩලයේ 50 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.