සංචාරක පාකිස්තානු වයස 19 න් පහළ ක්රිකට් පිල සහ ශ්රී ලංකා වයස 19 න් පහළ ක්රිකට් පිල අතර සූරියවැව, මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තුන්දින තරගයේ තෙවැනි සහ අවසන් දිනය වන අද (06) ශ්රී ලංකා යොවුන් පිල දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියදී අත්හිටුවා පාකිස්තානයට ලකුණු 350 ක ඉලක්කයක් බාර කළේය.
ශ්රී ලංකා පිල ඉනිම අත්හිටුවීමත් සමග තේ විවේකය ලබා ගත්තේය.
උප නායක සමූ අෂාන් පන්දු 86 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය. සමූ අෂාන් පන්දු 70 කදී සිය අර්ධ ශතක සම්පූර්ණ කළේය.
අවිෂ්ක පන්දු 105 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 63 ක් රැස්කරමින් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
අවිෂ්ක පරිනථ පිතිකරුවකුගේ ලක්ෂණ විදහා දකවමින් පිඩනයකින් තොරව පන්දුවට පහර දෙන ආකාරය දැකගත හැකිවිය. අවිෂ්ක පන්දු 76 කදී හතරේ පහර 4 ක් සමගින් අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
සාලින්ද උෂාන් පන්දු 91 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 49 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ශ්රී ලංකා යොවුන් පිලේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස කවීන් බණ්ඩාර ලකුණු 16 ක් ලබා සිටියදී දැවී ගියේය.
ලකුණු පුවරුව
ශ්රී ලංකා වයස 19 න් පහළ පිල පළමු ඉනිම – ඕවර 95.3 කදී කඩුලූ 9 ක් දැවී 347
(චරිත් අසලංක 200, අවිෂ්ක ප්රනාන්දු 23, වනිදු හසරංග 31, විෂාද් රන්දික 36, ශදාබ් ඛාන් 89/6)
පාකිස්තානු වයස 19 න් පහළ පිල පළමු ඉනිම – ඕවර 66.3 කදී සියලූ දෙනා දැවී 209
(උමයිර් මෂූඞ් 102, ශදාබ් ඛාන් 29, අසිත ප්රනාන්දු 59/3, ළහිරු කුමාර 46/3, තිලාන් නිමේෂ් 46/3)
ශ්රී ලංකා වයස 19 න් පහළ පිල දෙවැනි ඉනිම
කවීන් බණ්ඩාර – ඇ. ශදාබ් ඛාන් ප. යසිෆ් අලී ගෞරි 16
සාලින්ද උෂාන් – ඇ. සහ ප. ශදාබ් ඛාන් 49
අවිෂ්ක ප්රනාන්දු – ඇ. අයොන් අබ්බාස් ප. අර්ෆාන් ලියන්කට් 63
සමූ අෂාන් – නොදැවී 54
වනිදු හසරංග – නොදැවී 25
අතිරේක 4
එකතුව ඕවර 54 කදී කඩුලූ 3 ක් දැවී 211
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
චරිත් අසලංක, විෂාද් රංගික, තිලාන් නිමේෂ්, ළහිරු කුමාර, අසිත ප්රනාන්දු, නිෂාන් පීරිස්
කඩුලූ වැටීම:
1-40(කවීන් බණ්ඩාර), 2-109(සාලින්ද උෂාන්), 3-165(අවිෂ්ක ප්රනාන්දු)
පන්දු යැවීම:
යසිෆ් අලී ගෞරි: 9-1-45-1, අර්ෆාන් ලියන්කට්: 9-1-34-1, ශදාබ් ඛාන්: 19-2-64-1, අවයිස් ඉක්බාල්: 5-0-29-0, කම්රන් අෆ්ෂාල්: 5-0-11-0, බිලාල් ෂා: 6-0-24-0, ඉම්රාන් රාෆික්: 1-0-3-0






