FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් අද

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – ඉන්දියාවේ මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (20) 1540 ක් ලෙසින් වාර්තාවී තිබේ.   

ඒ අනුව ඉන්දියාවේ මුළු ආසාදිතයන්  සංඛ්‍යාව 17 656 ක් වන අතර මරණ සංඛ්‍යාව 559 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව , සිංගප්පූරුවේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 1426ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 8014 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් බහුතරයක් විදේශ ශ්‍රමිකයන් බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

සිංගප්පූරුවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාම ඇරඹුණේ විදේශ ශ්‍රමිකයන් රැදී සිටින නේවාසිකාගාරවල කොවිඩ්ප 19 පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟයි.

අද වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් සමඟ සිංගප්පූරුව අග්නිදිග ආසියාතික කලාපයේ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් සිටින රට බවට පත්වන නමුත් ,
එරටින් වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරස් මරණ 11ක් පමණි.