FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිගේ කාර්ය මණ්ඩලයේ පිරිසකටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරයේ 40 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගිය සෙනසුරාදා ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානිගේ කාර්ය මණ්ඩලයේ විසිදෙනෙකුට වෛරසය ආසාදනය වූ බවයි.

කෙසේ නමුත් ඇෆ්ගන් ජනාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳ මේ දක්වා එරට රජය කිසිදු අදහසක් දක්වා නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.