FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ දිනය ගැන කොමිසමේ සභාපති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබේ.

ඔහු පවසා ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අද(20) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී කුමන තීරණයක් ගනු ඇති දැයි තමාට ප්‍රකාශ කල නොහැකි බවයි.

දේශපාලන ක්‍රියාකාරීන්,මාධ්‍ය වේදීන්,සහ හිතවතුන් තමන්ගෙන් ඒ සම්බන්ධයෙන් පුනපුනා ඇසුවත් තමාට පැවසීමට ඇත්තේ කොමිසමේ තීරණය තමාගේ පෞද්ගලික තීරණයක් නොවන බවයි.

නමුත් මේ දක්වා කිසිදු දේශපාලනඥයකුට පක්ෂයකට ,කණ්ඩායමකට විශේෂ පක්ෂපාතිත්වයක් දක්වා නොමැති බවත් ඉදිරියට දක්වන්නේද නැති බවත් එහි සඳහන් කර තිබේ.

ඔහුගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවට පමණක්ම බවද එහි දැක්වේ.

මහින්ද දේශප්‍රිය මහතාගේ ෆේස් බුක් සටහන් පහතින්.