FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගයක්..!

ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන සාක් කලාපයේ රටවල්, ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට ශ‍්‍රී ලංකාව ද එක්කර ගැනීම තම අදහස බව ද, ඉන්දු-ලංකා පාලම ගැන කරුණු දක්වමින්, ඉන්දීය රජයේ ප‍්‍රවාහන හා අධිවේගී මාර්ග පිළිබඳ අමාත්‍ය, නිතින් ගද්කරි (Nitin Gadkri) මහතා පවසා තිබිණි.

නව ගොඩබිම් මාර්ග ජාලය, පසුව මියැන්මාරය සහ තායිලන්තය දක්වා දීර්ඝ කිරීමට අදහස් කරන බව ගද්කරි මහතා පැවසී යයි ඒජන්සි වාර්තාවල දැක්විණි.

‘විකිපීඩියාවෙහි’ සඳහන් වන අන්දමට, ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ කෙරෙන යෝජිත අධිවේගී මාර්ගය zAH43Z වේ. එය ඇරඹෙන්නේ ඉන්දියාවේ ‘අග‍්‍රා’ නුවර සිට ය. මාර්ගයෙහි කෙළවර, ලංකාවේ ‘මාතර’ නගරයයි.

එහි සමස්ත දුර කිලෝමීටර් 3024කි. ලංකාවේ ඉදි වන එහි දෙවැනි කොටස, zAH44Z යයි නම්කර ඇත. එය ‘දඹුල්ලේ’ සිට ‘ත‍්‍රිකුණාමලය’ දක්වා කිලෝමීටර් 107ක් දුරට විහිදෙයි.

zTrans Asia RoadZ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුව හොත්, ලංකාවේ කොටස කෙසේ දිවෙනු ඇති ද? ලංකාවේ දැනටමත් කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය සහ ශ‍්‍රී ලංකා දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර හමාර ය.

එබැවින් තලේමන්නාරම ඔස්සේ ඉන්දියාවේ සිට එන zAH43Z අධිවේගී මාර්ගය, ලංකාවෙන් ඉදි කරන්නට යන උතුරු අධිවේගී මාර්ගයට සම්බන්ධවී, කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර නගරයට දිවෙනු ඇතැයි සිතිය හැකි ය!

(උපුටා ගැනීම ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ වලස්පති බ්ලොග් අඩවියෙනි)

011