FAST NEWS

24×7 Around the Globe

ශමින්ද එරංගට කොදෙව් තරඟාවලිය අහිමී වන ලකුණු.

බටහිර ඉන්දීය කොදෙව් පිල හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංග ක්‍රීඩා නොකරනු ඇතැයි වාර්තා වේ.

යළිත් ඇති වූ ආබාධයක් හේතුවෙන් ශමින්ද එරංග මෙම තරගාවලියට එක් නොවනු ඇති බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවියේ දැක්වේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පටන් පිටපිටම ආබාධ කිහිපයකට ලක්වූ ශමින්ද, යළිත් ආබාධයකට ලක්වීමත් සමග බොහෝ විට බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට සහභාගී වීමට නොහැකි වනු ඇතැයි ක්‍රික්ඉන්ෆො වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී කපිල විජේගුණවර්ධන මහතා පවසා තිබේ.

පසුගිය කාලයේදී ඉන්දියාවට හා පකිස්තානයට එරෙහි පැවැති තරගාවලි වලට ඔහුට සහභාගී විය නොහැකි වූයේ විවිධ ආබාධයන්ට ලක්වීමත් සමගයි.

ශමින්ද එරංග අවසන් වරට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ මේම වසරේ ජනවාරි මාසයේදී ය.