FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංගප්පූරුවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග පැය 24ක් තුළ එරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ඊයේ(05) වාර්තා වී තිබේ.

ඒ අනුව පෙරේදා රාත්‍රී 12.00 සිට ඊයේ රාත්‍රී 12.00 දක්වා පැය 24 ක් තුළ නව කොරොන වයිරස් රෝගීන් 120 ක් වාර්තා වී ඇත.

මේ අතරින් 116කට මෑත කාලීනව සංචාරක ඉතිහාසයක් නොමැති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් පවතින බැවින් සිංගප්පූරුව ඉරිදා විදේශීය සේවක නේවාසිකාගාර දෙකක් වසා දමා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මෙම නේවාසිකාගාර දෙකෙහි සේවකයන් 19,800ක් පමණ සිටියි.

ඔවුන්ට පිතට යෑම තහනම් කර ඇති අතර ඒ කාලය තුළ ඔවුන්ගේ වැටුප් ගෙවීමදට සිංගප්පූරුව කටයුතු සූදානම් කර තිබේ.