FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කිහිපයක ඇදිරි නීතිය ඉවත් කෙරෙන ආකරය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක 06 හැර සෙසු දිස්ත්‍රික්ක 19 හි ඇඳිරි නීතිය ලබන අප්‍රේල් 06 වන සඳුදා උදෑසන 6 ට ඉවත් කිරීමට නියමිතය.

යළි එදිනම පස්වරු 2 ට ඇදිරි නීතිය පැනවීමට නියමිත බව පොලීසිය පවසයි.

ඉහත සදහන් කල අවධානම් දිස්ත්‍රික්ක 06   තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව බලපැවැත් වෙනු ඇත.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ඊයේ උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා ගතවූ කාලය තුළ පමණක් පුද්ගලයින් 1,735 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි .

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 443කි.