FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 25 කින් තවදුරටත් අඩු කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ සිට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පිළිවෙලින් සියයට 6 සහ සියයට 7 ක් වනු ඇති.

මහබැංකුව පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් වෙළදපොල තත්ත්වය ලිහිල් කිරීම සදහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහයක් ලැබෙන බවයි.