FAST NEWS

24×7 Around the Globe

සමෘද්ධි නියාමකවරයෙකුට පහර දුන් 2 ක් රිමාන්ඩ් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවුල ප්‍රදේශයේදී සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ රජය විසින් සමෘද්ධිලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළ අතර, එම කටයුතු සිදුකිරීමට යාමේදීයි මෙම පහරදීම සිදුව තිබුණේ.